තමන් දරපු හැම අමාත්‍ය ධුරයකදීම පුුලුල් මෙන්ම නිර්මාණශීලී කාර්ය භරයක් ඉටු කළ මංගල සමරවීර අවුරුදු 65ක ජීවිත කාලය තුළ අවුරුදු 100ක් ගත කළ කෙනෙක්වත් නොකරන තරම් වැඩ කොටසක් කළ බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන රොනි ද මැල් පවසනවා.
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම මුදල් අමාත්‍යවරයකු ලෙසද කටයුතු කළ මංගල සමරවීර ගේ අභාවය වෙනුවෙන් ශෝක පනිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටිනවා.
මාතර දිස්ත්‍රික්කය ලංකාවේ දියුණු ප්‍රදේශයක් කිරීමටත් සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජන කොටස් සමගිව ජීවත් වෙනවා දකින්නටත් තමන්ට තිබුණු ආශාවම මංගල සමරවීරට ද තිබුණු බව රොනි ද මැල් මෙහිදී වැඩි දුරටත් පවසනවා.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු