විදෙස්ගත වීමේ අපෙක්ෂාවෙන් සිටින අයට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් මාර්ගත (Online) ක්‍රමය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියා සිටී.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබාගැනීම සඳහා covid-19.health.gov.lk/certificate වෙබ් අඩවි ලින්කුවට පිවිසීමේන් ලබා ගත හැකි බව එම නියෝජිතායතනය කියා සීටී.
එම ලින්කුවට පිවිසීමෙන් අනතුරුව ජාතික හැඳුනුම්පත් අංකය හෝ, විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පතේ විස්තර, විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත ඇතුළත් කළ යුතු වන අතර අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ පී.ඩී.එෆ් පිටපතක් ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකියාව ලැබේ.
එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය.
———-Lankadeepa———–
මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත පුද්ගලිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවන බවද එම නියෝජිතායතනය කියා සීටි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති