සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය 5% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම නියෝගය අගෝස්තු 24 සිට බලපැවැත්වෙන බවයි මහ බැංකුව නිවේදනය කළේ. සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු සහ විදේශ මුදල් කාලීන තැන්පතු අළුත් කිරීමේදී මෙම නව නීතිය අදාල වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති