නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගෙනඇති වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.
නිරෝධායන සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන 04 විවෘතව පවතී.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ආවරණය වන පරිදි ජංගම වෙළෙඳුන් 12294ක් ද තොග වෙළෙඳ සල් 1489ක් ද ලියාපදිංචි කර ඇති අතර බෙදාහැරීම් මාර්ග 2345ක් හඳුනාගෙන ඇතැයි ද යසරත්න මහතා කීවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති