ශ්‍රී ලංකාව මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් වශයෙන් දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා දෙකක් ඊයේ (23) දින බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි පළමු හමුව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩ බලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි මහතා සමග පැවති අතර දෙවෙනි හමුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ මහතා සමග පැවැත්විණි.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මහත්මිය, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේන්ද්‍ර ගරුසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාව හා එක් විය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති