කොවිඩ් ආසාදනය වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා කොවිඩ් ආසාදනයවීමෙන් පසුව මහනුවර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිව තිබේ.
එම අවස්ථාවේ සෞඛ්‍ය අංශ විසින් ඒ මහතාව තෙල්දෙණිය රෝහල් ඇතුළත් කරනු ලැබීය.
අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා තෙල්දෙණිය රෝහලේ සිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට මාරු කර යවා තිබේ.
එම රෝහලේදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට ඔක්සිජන් පහසුකම් ලබාදී ඇත.
රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ මේ වන විට සමන් ශ්‍රී රත්නායක මහතාගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවයි.
සමන් ශ්‍රී රත්නායක මහතාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ හඳුනා ගැනුණේ ඉකුත් සතියේදීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති