පසුගිය උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම ලබන මස අවසානයේ සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමට දුන් කාලය මේ වනවිට අවසන්ව ඇති බව එහි උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කරයි.
පවතින කොවිඩ් වසංගතයත් සමග අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් කඩයිම් ලකුණු නිකුත් කිරීමේ මූලික කටයුතු මේ වනවිට සිදු කරන අතර මෙවර අයැදුම්පත් එක් ලක්ෂ දස දහසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබී ඇති බව උප සභාපතිවරයා පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති