කොළඹ තවත් ප්‍රධාන වීදියක් වසා දමයි
කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කීපයකට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබේ.
රෙදිපිළි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ දෙවන හරස් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් පිටකොටුව දෙවන හරස් වීදියේ කඩ හිමියෝ එම තීරණයට එළඹීමට හේතුවී තිබේ.
මේ අතර ඊයේ දිනයේ කොළඹ පිටකොටුව කේසර් වීදිය ද වසා දැමීමට සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු හිමියන් පියවර ගනු ලැබීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති