ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.
මෙම අලුත් සංවේදී පරිසර පද්ධති මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.
මින් පෙර මේ අන්දමින් සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා එලෙස හඳුනාගත් සංවේදී පරිසර කලාප නම් කර නොතිබීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම පද්ධතීන්ට හානි සිදුවු අවස්ථා වාර්තා වු බව පරිසර අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩ පිළිවෙළක් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය BIO-DIVERSITY UNIT විසින් එම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇත.
ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීමට පහසු කිරීම එම වැඩ පිළිවෙළෙහි අරමුණ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
නමුත් නව වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් එම සංවේදී පරිසර කළාප හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති