ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් ගත් තීරණය
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරට තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට එම වෙළෙදසැල් හිමියන් හා වෙළෙද සංගම් ස්වෙච්ඡාවෙන් තීරණය කර තිබේ.
ඒ අනුව කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර වසා දැමීමට නියමිතයි.
මීට අමතරව ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය ද වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අතර ඇතැම් නගරවල වෙළඳසැල් සතියක කාලයක් සඳහාත්, තවත් නගරවල සති දෙකක් සහ අනෙකුත් වෙළෙදසැල් නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ.
මේ අතර රට පුරා නගර 16ක වෙළෙදසැල් මේ වන විට වසා දමා තිබේ.
එම නගර පහතින්…
ගම්පහ
අම්බලන්තොට
අම්බලන්ගොඩ
මරදගහමුල
වේයන්ගොඩ
දංකොටුව
සේරුනුවර
පලාපත්වල
උල්පත
තංගල්ල
බදුල්ල
බලංගොඩ
වලපනේ
බණ්ඩාරවෙල
ඇඹිලිපිටිය
මාතලේ යටවත්ත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති