ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එය පවතින වෛරසය අභිබවා යාමට හැකිවනු ඇතැයි ද සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙයි.
කෙසේ වුවත් බොහෝ ප්රභේදයන් පවතින වෛරසය සමග තරග කිරීමට නොහැකි වීම නිසා මතු වීමට ප්‍රථම නැති වී යන අවස්ථා වැඩි බවද ඇය කියා සිටියාය.
අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය උපරිමයට ළඟා වෙමින් පවතින බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එය කඩා වැටීමට ලක්වනු ඇති බව පැවසූ ඇය පවතින තත්ව පාලනය සදහා සංචරන සීමා පනවන්නැයි රජයෙන් තම සංගමය ඉල්ලා සිටි බවත් ඇය කියා සිටියාය.
ඇය මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
- lanka c news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති