කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය ගත් බවය.
මේ අතර පරිප්පු හා සීනි හිඟයක් වෙළෙඳපොළ තිබිය නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ප්රශ්නය – සීනි මිල රු 150කට තියෙන්නේ. සීනි හිඟ ද? නැත්නම් මාෆියාවක් ද ?
සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,
“සීනි ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැනට රට සතුව මාස තුනකට අවශ්‍ය සංචිත පවතිනවා. මොකද සීනිවල බදු අඩුකිරීමක් කරාට පස්සේ විශාල ප්‍රමාණයක් රටට සීනි ආනයනය කරා. ඒ නිසා සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නෑ. මේ ගැන අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුවත් කරලා තියෙනවා. ගෑස් තත්ත්වය ගැනත් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වෙලා තියෙනවා. එක සමාගමක් විසින් තමන්ගේ ව්‍යාපාර බංකොලොත් බව පැවසීම. නමුත් රට සතුව ගෑස් සංචිත තියෙනවා.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති