විශේෂ පාර්ලිමේන්තු දින දෙකක් ප්‍රකාශයට පත්කර තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබාදීමට මෙලෙස විශේෂ දින දෙකක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද මෙයට එකඟතාව හිමිව තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මස 6 වනදා සහ 27 වනදා විශේෂ දින දෙකක් ලෙස පාර්ලිමේන්තුව රැස්වනු ඇත.
එම යෝජනාව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී පක්ෂ විපක්ෂ සමාජිකයින් එයට එකඟතාව පළකර තිබේ.
කෙසේවෙතත් එම විශේෂ දින දෙකේදී පිළිතුරු ලබාදීමට නොහැකි වූ ප්‍රශ්නවලට පමණක් පිළිතුරු ලබාදීමට එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති