හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
කොවිඩ් ආසාදනයවීමෙන් ගැන දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තිබා තිබිණි.
දිලීප් වෙදආරච්චි මුහුණු පොතේ තැබූ සටහන
ඊයේ දින සවස මා හට ඇති වූ දැඩි හිසරදය හේතුවෙන් මා විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී Covid 19 රෝගය වැළදී ඇති බව තහවුරු විය. ඒ අනුව මා ඇතුළු පවුලේ සියලු දෙනා වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිරෝධායනය වෙමින් සිටී. පසුගිය සතියේ (2021.08.01) දින සිට මේ දක්වා මා ඇසුරු කල මා හිතවත් සියලුම දෙනා ස්වයං නිරෝධායනට ලක්වන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි.
රට තුළ පවතින මේ ව්‍යසනකාරී අවස්ථාවේ මෙම රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම උදෙසා එසේ නිරෝධායනය වීම ඔබේත් මගේත් වගකීම වන කාරුණිකව සිහිපත් කරමි.
දිලිප් වෙදආරච්චි
2021.08.06

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති