කොවිඩ් රෝගී ගැබිනියන් 300ක් රෝහල්වල
කොවිඩ් ආසාදිත වී සිටි ගැබිනි මව්වරු 17 ක් මේ වනවිට මියගොස් ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ‘අරුණ’ ට පැවැසුවාය.
ඇය සඳහන් කළේ මේ වනවිට ගැබිනි කාන්තාවන් 300 ක් පමණ කොවිඩ් ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.
කෙසේ වුවද මෙම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරු බහුතරයක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බවද වාර්තා වෙයි.
කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ගැබිනි කාන්තාවන් හට කොවිඩ් ආසාදිත වුවද ඔවුන්ට දරුණු සංකූලතා මතුව නොමැති බවද වෛද්‍යවරු පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති