තම රටට පැමිණීම සහ පිටත්වීම අත්හිටුවමින් පනවා තිබූ තාවකාලික තහනම රටවල් කිහිපයක පුරවැසියන් සඳහා ලිහිල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, නයිජීරියාව, නේපාලය සහ උගන්ඩාව ඇතුඵ රටවල් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ තාවකාලික සංචරණ තහනම ලිහිල් කර ඇති බව එරට මාධ්‍ය පවසයි.
එම රටවල්වලින් පැමිණෙන අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට හෝ ඒ හරහා යෑමට අවසර ලැබෙයි.
එසේ පැමිණෙන මගීන් එරටට ඇතුළත්වීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කළ යුතු අතර අදාළ මගියා පිටත්වීමට පැය 48කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත්කළ යුතුය.
එම තීරණය හෙට (05) සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති