Lanka Plus News

www.lankaplusnews.com

මහජන සෞඛ්‍ය පරික්ෂකට කෙළ ගැසූ අයකු අල්ලයි

ගිරිඋල්ල කොස්කොළදෙනිය ප්‍රදේශයේ කොවිඩ් රෝගී කාන්තාවක  සොයා ඇගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ සැකකරු බීමතින් සිට බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

මෙම නිවසේ කොවිඩ් රෝගියකු සිටින බවට ලැබුණු තොරතුරු අනුව නාරම්වල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ  තොරතුරු සොයා ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇත

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com