කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ පිළිපදිමින් රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යායුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රජයේ කාර්යාලවල සියලු සේවකයන්ට හෙට සිට සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
“ඔය වගේ කාරයක දී ඇත්තටම දෙපැත්තක් තියෙනවා. ලෝකයේ අනෙක් රටවල් කොහොමද කටයුතු කළේ කියලා අපි බලන්න ඕනේ. විශේෂයෙන් ම ධනවත් කියන සංවර්ධනය වු රටවල්වත් පවා කොරෝනා දැඩි ලෙස තියෙන විටත් එයාලගේ ආයතන ක්‍රියාත්මක කරා. අමාරුම වෙලාවන්වලදී වැහුවා තමයි. ලෝකයේ අනෙක් රටවල් වගේම අපිටත් රට වහලා දිගටම යන්නත් බෑ. ඒ වගේම එයින් තියෙන අනතුර තේරුම් ගන්නත් ඕනේ. ඒක නිසා අනතුර තේරුම් ගැනීම විශේෂයෙන් ම ජනතාවගේ පැත්තෙන් තේරුම් ගන්න ඕනේ. එතන දී සෞඛ්‍ය අංශ නිකුත් කරන උපදෙස් පිළිපඳින්න ඕනේ.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති