ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 11ක දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සීයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණූ පැමිණිල්ලක් අනුව සැකකරුව පසුගිය 29 වන දා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අපයෝජනයට ලක්වු දැරිය මව, පියා සහ 5 හැවිරිදි නංගී සමඟ සිට ඇති අතර, දෙමව්පියන් රැකියාවල් සඳහා නිවසින් බැහැරව යන අවස්ථාවන්හි දී දැරියන් රැකබලාගෙන ඇත්තේ මිත්තණිය විසිනි.
කෙසේවෙතත් පසුගිය දිනක දැරියගේ ලොකු අම්මාට ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය නිවසින් බැහැරව ගොස් තිබේ.
පසුව දැරියන් දෙදෙනා බලාගැනීමට මිත්තණිය විසින් ජූනි 15 වන දින සිය සැමියාව නිවසට යවා ඇති බව වාර්තා වේ.
දෙමාපියන් රැකියාවට ගිය පසු එම පුද්ගලයා විසින් වැඩිමහල් දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර දැරියට එම සිදුවීම මවට පැවසීමට අපහසු බැවින් දැරිය කොළයක සියලු විස්තර ලියා මවට පෙනෙන සේ තබා තිබේ.
පසුව දැරියගේ මව සිය පියාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී එවැනි අපයෝජනයක් දියණියට සිදුකළ බවට පිළිගෙන ඇත.
සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 62ක් වු පුද්ගලයෙකි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති