දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේ සහ මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරය අද තාවකාලිකව වසා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කොරෝනා ආසාදිතයන් හමුවූ මරදාන ඩීසල් ධාවනාගාරය දැනට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කරන බව දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් කීය.
දැනට වසා දැමා ඇති ජල ශක්ති ධාවනාගාරයේ දුම්රිය ධාවන කටයුතු වෙනත් ධාවනාගාරවලින් සිදු කෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය. දැනට කොරෝනා වයිරසය ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ දුම්රිය රියැදුරන් සහ සහායකයන් බව ද සෞඛ්‍ය අංශ කියයි.
මීට පෙර කොරෝනා ආසාදිතයන් හමු වීම නිසා වසා දැමූ දෙමටගොඩ රනින්සෙඩ් ධාවනාගාරය සහ මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ වැඩ කටයුතු සාමාන්‍ය පරීදි සිදුකරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති