අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇප මත මුදා හැරීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපත සැමරීම සහ එය වැළක්වීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාලව සිවාජිලිංගම් මහතාට එරෙහි නඩු විභාගයක් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වනවා.
පසුගිය මාසයේ පැවති අදාළ නඩු විභාගය සඳහා පෙනී නොසිටීම මත අධිකරණය විසින් නිකුත් කර තිබුණු වරෙන්තුවකට අනුව අද උදෑසන සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනුණා.
අනතුරුව පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය මන්ත්‍රීවරයාට ඇප ලබා දුන් අතර මීළඟ නඩු විභාගය ලබන ජනවාරි 20 වනදා තෙක් කල් දමා තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්