මහනුවර ප්‍රදේශයේ වාහන සහ මුදල් වංචාවන් රැසකට සම්බන්ධ සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ කුලියට වාහන ලබා දෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50 ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී සැකකරු මහනුවර කොටුගොඩැල්ල වීදියේ පදිංචි (32) පුද්ගලයකු බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
මොහුට එරෙහිව වංචා නඩු 48 ක් මහනුවර අධිකරණය අධිකරණයේ විභාග වන බවත්, අධිකරණ මග හැර සිටීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු හයක් ලබා සිටින බවද පොලිසිය පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති