රිෂාඩ්ගේ ඉල්ලීම CIDය ප්‍රතික්ෂේප කරලා
රෝහල්ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අද (24) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය.
ඒ කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්රතිකාරවලින් අනතුරුවය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඒ මහතාව එලෙස පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
මේ අතර මන්ත්‍රීවරයා විසින් තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඔහු පිළිබඳව සිදුකරන පරීක්ෂණ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති