පුවත් වෙබ් අඩවි ලියාපදිංචිය විධිමත් කරන්න යයි
සියලු ම ප්රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් පුවත්පත් මණ්ඩල පනත සියලු ම මාධ්‍යයන්ට අදාළ වන පරිදි ‘මාධ්‍ය මණ්ඩල පනත’ වශයෙන් යළි සංශෝධනය කිරීමටත් තම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී පසුගිය දා (ජූලි 20) පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීය.
රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය ද යළි සංශෝධනය කිරීමට ද අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති