වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා මත බදුල්ලේ දී අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතාගේ නියෝගය මතය.
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 28 හැවිරිදි අභ්‍යාසලාභී උපාධි පුහුණු නිලධාරියෙකු වන සැකකරු ප්‍රේම සබඳතාවක් පැවැත්වූ දැරියකට අස්වාභාවික අන්දමින් බරපතළ ලිංගික අතවර සිදුකර ඇති බව අනාවරණය විය.
බදුල්ල නඩුකාරකන්ද පිහිටි නිවාඩු නිකේතනයකට ගෙන ගොස් දැරියට මත්පැන් පානය කිරීමට දී එම අතවරයන් සිදුකර ඇති බවට පොලීසිය අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කර තිබේ.
දැරිය බදුල්ල සොරණාතොට, එගොඩවෙල හිරිතලයාය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් පියා අනුරාධපුර ප්‍රදේශයේ කුලී රැකියාවක නිරත වන අතර සහෝදරියක් හා මව සමඟ ඇය නිවසේ සිට ඇති බවත් පොලීසිය පැවසීය.
දැරියගේ අස්වාභාවික හැසිරීම හේතුවෙන් මව ප්‍රශ්න කර ඇති අතර එහිදී දැරිය මේ බව අනාවරණය කර ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති