භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියයෙන් මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය එම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා , අධිකරණ ඇමති අලි සබ්රි , නීතිපති නම් කරනු ලැබ තිබේ.
පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ‘ ජනාධිපති සමාව ලබා දුන් නියෝග බලරහිත කරන ලෙස සහ වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ලබා දීමට අදාළ ලේඛන අධිකරණයට කැදවා විභාගයක් පවත්වන ලෙසත් සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති