පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බොරැල්ල පොලීසිය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශනයන් සම්බන්ධයෙන් දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ පුද්ගලයාගෙන් අද (19) දිනයේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවය.
දැරියගේ මව සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ පියාගෙන් ද වැඩිදුර ප්‍රකාශ ඊයේ දිනයේ දී ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබිණි.
එම දැරිය ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී එම නිවසට රැගෙනවිත් තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති