ප්‍රංශ අගමැති එඩුවා ෆිලිප් අද සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ පසුගිය ඉරිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී පාලක පක්ෂය ලැබූ පසුබෑම පදන්ම කර ගනිමින්.
ජනාධිපති එමනුවල් මැක්රන් ගේ රජයේ ප්‍රධානියා ලෙස අගමැති ෆිලිප් ක්‍රියා කළේය.
ඔහු ජනප්‍රිය දේශපාලනඥයෙකු බවයි, මෑත කාලීන ජනමත විමසුම් අනූව පැහැදිලි විය.
එහෙත්, ප්‍රාදේශීය මැතිවරණවලින් ලැබූ පසුබෑමෙන් අනතුරුව රජයේ ඉහළ තනතුරුවල පැහැදිලි වෙනසක් සිදු කිරීමට ජනාධිපති මැක්රන් අපේක්ෂා කරයි.
අගමැතිවරයා ඉල්ලා අස් වූයේ එම වැඩපිළිවෙලට ඉඩ සලසමින්.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්