ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මේ පරීක්ෂණ ආරම්භ කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 70ක් යොදාගෙන යැයිද ඔහු සඳහන් කළේය.
මේ පරීක්ෂණ වටයේ ප්‍රතිඵල දින දෙකක් තුනක් ඇතුළතදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.
කොළඹ ,කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් 19 දෙනෙකු ඊයේ (15) හඳුනා ගන්නා ලදී.
එම ඩෙල්ටා ආසාදිතයන් පිරිස හඳුනා ගනු ලැබූයේද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායම විසිනි.
මේ අතර මුළු දිවයිනෙන්ම මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති