සිය රට තුළින් පළමුවරට ඩෙල්ටා කොවිඩ් -19 ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව පිලිපීනය පවසයි.
මීට පෙර සංචාරය සඳහා එරටට පැමිණි විදේශිකයින් 5 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට පිලීපනය තුළින් දේශීයව සම්ප්‍රේෂණය වූ ඩෙල්ටා ප්‍රභේදයේ කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් තිදෙනෙකු එක්සත් අරාබි එමිර්, කටාර් සහ බ්‍රිතාන්‍යය යන රටවල සංචාරයක නිරතව ආපසු පිලිපීනය වෙත පැමිණි අය බව වාර්තා වේ.
ඒ අනුව එරටින් වාර්තා වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
මෙම ආසාදිතයින් පිරිස හඳුනාගැනීමත් සමඟ පිලිපීනය තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට එරට සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ