නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600 ක් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් එම පොහොර ලැබෙමින් ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වනජීවී හා වන රක්ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය.
අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරන බවත් කාබනික පොහොර යෙදාගත හොත් කිසිම දෙයක් නොලැබෙන බවත්ය.
———————-Lankadeepa——————
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති