කාන්තාවන් සහ ළමුන් 330ක් පමණ අපයෝජනයට ලක්කළ ලැරී නස්සර් නම් වෛද්‍යවරයා ගැන විධිමත් පරීක්ෂණයක් කිරීමට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය අසමත් වූ බවට චෝදනා එල්ලවෙයි.
එසේම පරීක්ෂණ අතරතුර ද අතපසුවීම් සිදුකර ඇතිබව හෙළිවී තිබේ.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ පරීක්ෂණය සම්බන්ධයෙන් කළ සමාලෝචන වර්තාවක ඒ බව දැක්වෙයි.
අමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සහ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාල ජිම්නාස්ටික් කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින අතරතුර චූදිත වෛද්‍යවරයා කාන්තාවන් සහ ක්‍රීඩිකාවන් 330 දෙනෙක් පමණ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව අධිකරණයේදී ඔප්පු වුණි.
අමෙරිකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් දිනු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන සිමොන් බයිල්ස් සහ එලි රයිස්මාන් ද ඒ අතර විය.
නස්සර් මේ වනවිට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් විඳී.

More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට