පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් පෙන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රන්බඩු සහ දේපළ කොල්ලකෑම නිරත කල්ලියක තිදෙනෙකු වත්තල ප්‍රදේශයේ දී වත්තල පොලිසිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කල්ලියට එරෙහිව පැමිණිලි 17 ක් වත්තල, මෝදර සහ වැල්ලම්පිටිය යන පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල, වත්තල සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශයේ වල පුද්ගලයෝ බවද පොලිසිය කියති.
මොවුන් මහමගදී හමුවන පුද්ගලයන් පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ඔවුනට මාංචු දමා සෙනඟ නොගැවසෙන ප්‍රදේශ වෙත රැගෙන ගොස් ඔවුන්ගේ මුදල් හා දේපළ කොල්ලකෑම සිදුකරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
සැකකරුවන් සන්තකයේ ග්‍රෑම් 40, රන් බඩු, මාංචු කුට්ටම් දෙකක්, ව්‍යාජ ලෙස සකස් කළ පොලිස් හැඳුනුම්පතක්, අපරාධ සඳහා භාවිතා කරන යතුරු පැදි දෙකක් තිබූ බව පොලිසිය සඳහන් කරයි .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති