එළඹෙන මහ කන්නයේ හෙක්ටයාර 800,000 ක වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සැළසුම් කර තිබෙනවා. ඊට අදාල කැබිනට් යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ගොවීන්ටම පැවරෙන අතර ඒ වෙනුවෙන් දිරි දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් එම දීමනාව ලබාදෙන අතර කෙසේ නමුත් එය උපරිම හෙක්ටයාර දෙකකට සීමා කර තිබේ.
මීට අමතරව බලපත්‍රලාභී නිෂ්පාදකයන් විසින් සිදු කරන කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීමද මේ යටතේ සිදු කෙරේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති