ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ.
එම එන්නත් මාත්‍රා තොඟය අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ට රැගෙන ඒමෙන් පසු ගබඩා වෙත විශේෂිත ලොරි රථවලින් රැගෙන ආ බව “අද දෙරණ” වාර්තාකරුවන් පැවසුවේය.
මීට පෙර ද අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණි.
මේ දක්වා මෙරටට සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් v හා ෆයිසර් යන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 8,571,000ක් ලැබී තිබේ.
ඉන් මාත්‍රා 5,330,492ක් මේ වන විට පුද්ගලයන්ට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති