විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමාට කිසිදු බියක් නොමැති බවත්, තම ජීවිතයේ කිසිදු අවස්ථාවක බියට පත්ව නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. තමාගේ කතාව විස්වාස නොමැති නම් තම මවගෙන් ඒ පිළිබඳව විමසා දැනගත හැකි බවද ඇමතිවරයා පවසනවා.
හංවල්ල බන් නැවතුම්පොළ ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව පැමිණ සිටියදී මාධ්‍යවේදීන් සිදුකළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේ තමාගේ මුහුණේ කිසිදු දිනයක බියක් දක්නට ලැබුණේදැ’යි කියාය.
අවිනිශ්චිත අනාගතය පිළිබඳව නිශ්චිත ප්‍රකාශ නොකරන බවත්, විස්වාසභංග යෝජනාවට සිදුවන්නේ කුමක්ද යන්න ජුලි 20 වැනිදා සවස වනවිට සියලු දෙනාටම බලාගත හැකි බවත් ඇමතිවරයා පවසනවා.
——————— Lanka News Web —————
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති