වෙනිසියුලාවේ, කැරකස්හි පොලීසිය සහ කල්ලි සාමාජිකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 26දෙනෙකු මියගොස් තිබේ.
මියගිය පිරිස අතර කල්ලි සාමාජිකයින් 22දෙනෙකු සහ පොලිස් නිලධාරින් සිව්දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් තවත් 40දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
එහිදී පතොරම් 24,000ක් සහ ආයුධ තොගයක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
ආරක්ෂක භටයින් 800ක් පමණ පීඩාවට පත් ප්‍රදේශවලට යොදවා ඇති අතර ඔවුන් නිවසින් නිවසට ගොස් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ