සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි තරුණ බලවේගය විසින් අද (2) දිනයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදි සාමකාමී විරෝධතාවයක් පවත්වන ලදි.

කුමාර් සංගක්කාර සහ අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට දිගින් දිගටම හිරිහැර කිරීමට එරෙහිව විරෝධතා පැවැත්වූ බව එම සන්ධානය පවසන්නේ.

2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවාදී ඇති බවට පසුගියදා මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

මෙම හෙළිදරව්වෙන් පසුව, ජාතික තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යන මහත්වරුන්ගෙන් පසුගියදා ප්‍රකාශ ලබාගත්තා.

2011 ඉන්දියාවට එරෙහි ලෝක කුසලානයේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා
අද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන අංශය සමඟ පැය 09 කට ආසන්න කාලයක ප්‍රකාශ ලබා දුන්නා.

By Widane

WP Twitter Auto Publish Powered By : XYZScripts.com