මෙවර ජපානයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර ඇත.ජපන් ඔලිම්පික් අමාත්‍ය ටමායෝ මරුකාවා බ්‍රහස්පතින්දා සවස නිලධාරීන් සහ සංවිධායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කර තිබේ.
කොරොනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ටෝකියෝ හි හදිසි තත්වයක්ද ක්‍රීඩා උළෙල පැවැත්වෙන සෑම දිනක් පුරාම ක්‍රියාත්මක කිරිමටද ඔවුන් බලාපොරොත්තු වේ. අගමැති යොෂිහිඩ් සුගා වාර්තාකරුවන්ට පැවසුවේ ඔලිම්පික් උළෙල ජූලි 12 සිට අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වන බවයි.
ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය පුරා බාර් සහ අවන්හල් වල මත්පැන් විකිණිමට ඉඩ නොදෙන අතර රාත්‍රි 08:00 වන විට එවා වසා දැමිය යුතුය.
ටෝකියෝව තුල ඔලිම්පික් උළෙල ජූලි 23 ආරම්භ කිරීමේ උත්සවය ආසන්න වන විට කොරෝනා වයිරස් ආසාදන විම් ඉහළ යා හැකි බවයි ඔවුන් අදහස් කරන්නෙ. ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල කල්දැමීම හෝ අවලංගු කරන ලෙස විවිධ පාර්ශව ඉල්ලා සිටීමත් සමඟ එ සදහාද පුළුල් විරෝධයක් එල්ල වී තිබේ.
- චානක අරවින්ද
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්