නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 298 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයෙන් බවත් එම පිරිස 63 දෙනකු බවද පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 48542 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතරින් 41000 ට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු මෙම සෙසු පිරිසට ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති