මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වා සිටිමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බවයි.
ජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් නිසා කොවිඩ් පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති