මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයේ නායකයා ලෙස දඟ පන්දු යවන ක්‍රිඩක රෂීඩ් ඛාන් පවරා ඇත. මැද පෙළ පිතිකරු නජිබුල්ලා සාද්රාන් ඔහුගේ උප නායකයා ලෙස නම් කර තිබේ.රෂීඩ් ඛාන් මීට පෙර විස්සයි 20 තරගවලදී ඇෆ්ගනිස්ථානයට නායකත්වය දී තිබේ. 2019 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා මාස තුනක් තිස්සේ ඔහු නායකත්වයට පත්විය. එහිදි ඔහු තරඟ 16 කදී ජයග්‍රහණ 7 ක් වාර්තා කළේය.
විස්සයි 20 ජාත්‍යන්තර කඩුලු 95 ලබා සිටින රෂීඩ් ඛාන් විස්සයි 20 තරගවල ඉහළම පන්දු යවන්නන් පස් දෙනාගෙන් කෙනෙකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රධාන වටය සඳහා ඇෆ්ගනිස්ථානය දැනටමත් සුදුසුකම් ලබා ඇත. ඔවුන් ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ බී කාණ්ඩයට ඇතුළත් කර ඇත.
- චානක අරවින්ද
More Stories
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය