ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇතිවිය හැකි බවට බේකරි හිමියෝ සඳහන් කරති. දැනටත් බේකරි හිමියන්ට අවශ්‍ය තිරිඟු පිටි ප්‍රමාණය ප්‍රීමා සමාගම ලබානොදෙන බවත්,මේ නිසා බේකරි හිමියන් නිෂ්පාදන කටයුතු කිරීමේදී දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු පවසයි.
සෙරන්ඩිබ් සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල මේ සතියේ සිට රුපියල් 10 කින් ඉහළ දැමීමට බේකරි හිමියන් සැලසුම් කර තිබුණද,තිරිඟු පිටි මිල අඩු කරන බවට ඇමැති ලසන්ත අලගියවන්න පොරොන්දු වීම නිසා පාන් මිල ඉහළ දැමීමේ තීරණය අත්හිටවූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.
නමුත්,සෙරන්ඩිබ් සමාගම බේකරි හිමියන්ට දැනුම්දී ඇත්තේ තිරිඟු පිටි මිල අඩු කිරීමට නොහැකි බවය.
කෙසේ නමුත්, තිරිඟු පිටි මිල අඩු නොකළහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවද බේකරි හිමියන් කියා සිටිති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති