සෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිතුවක්කාරී ලෙස ආණ්ඩුව ගනු ලැබූ පොහොර තහනම ඇතුළු තීරණ හේතුවෙන් රට දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන යටතේ පුත්තලම මුලික රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනෙහි 19වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ හැට පන්දහසක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පුත්තලම රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
- Lankadeepa
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති