වික්ටෝරියා ජලාශය අවට සිදුවන සුළු භූ කම්පන තත්ත්වයන් පරික්ෂාකිරිම සඳහා අධි සංඛ්‍යාත භු කම්පන මාන 10ක් සවිකිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය පවසයි.
පසුගිය වසරේ සිට මේ දක්වා වරින්වර අදාළ ප්‍රදේශයෙන් වාර්තා වූ සුළු භු කම්පන තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු ආරම්භකර ඇති බව එම කාර්යාංශය පැවසීය.
ඒ අනුව ජර්මානු රජය විසින් ලබාදෙන ලද අධි සංඛ්‍යාත භූ කම්පන මාන 10ක් වික්ටෝරියා ජලාශයේ වේල්ල හා ඒ අවට ස්ථාන 10ක ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.
මහනුවර, දිගන, තෙල්දෙණිය, සහ කුණ්ඩසාලේ ඇතුළු ප්‍රදේශ රැසකින් රික්ටර් මාපකයේ ඒකක දෙකකට ආසන්න භු කම්පන තත්ත්වයන් වාර්තාවී තිබූ අතර ඉන් වික්ටෝරියා ජලාශයේ වේල්ලට බලපෑමක් නොමැති බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව පෙන්වා දී තිබුණි.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතු බව එම ආයතනය පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්