යාපනය කෝපායි සෙල්වපුරම් ප්‍රදේශයේදි සිදුවූ පහරදීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
කෝපායි පොලීසිය පැවසුවේ ඊයේ (30) සෙල්වපුර ප්‍රදේශයට පැමිණ කණ්ඩායමක් කඩු වලින් පහරදී රථ වාහන කිහිපයකට හානි සිදුකර ඇති බවයි.
ගැටුමට හේතුව පුද්ගලික කාරණාවක් බවට මූලික පරීක්ෂන වලින් අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
සිද්ධියෙන් තුවාල ලැබූවන් මේ වන විට යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
කෝපායි පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්