පසුගිය මාර්තු මස පැවති සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් හා විභාග රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි හැත්තෑවකට අධික ගාස්තු හා දීමනා මෙතෙක් ගෙවා නැත.
මෙම ගාස්තු හා දීමනා ඊයේට (30 වැනිදා) පෙර ගෙවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ප්‍රකාශ කළේ මීට සති දෙකකට පෙරය. කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල පවතින හිඟතාව හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වූ බවය.
පවතින සංචරණ සීමා තත්ත්වය තුළ මෙම දීමනා හා ගාස්තු ගෙවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් විභාග දෙපාර්තමේන්තුවට සිය අප්‍රසාදය ද පළ කර තිබිණි.
උත්තර පත්‍ර ඇගයීම් හා විභාග රාජකාරි සඳහා ගුරුවරු දොළොස් දහසක් පමණ යොදවා සිටියහ. කෙසේ වුව ද මෙම ගාස්තු හා දීමනා ගෙවීමට දෙපාර්තමේන්තුව කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ඔවුහු දැඩි විරෝධය පළ කරති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති