මෙතෙක් සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කර තිබූ කොරියානු භාෂාව මෙම වසරේ සිට උසස් පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම වසරේ දොළොස් වැනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට විදේශීය භාෂාවක් ලෙස කොරියානු භාෂාව හැදෑරීමට හැකි වන අතර එම සිසුන්ට 2023 වසරේ පැවැත්වෙන උසස් පෙළ විභාගයේ දී එම විෂය සඳහා පෙනී සිටීමට හැකි වෙයි.
මෙම විෂයට අදාළ විෂය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකස් කරන අතර ගුරු පුහුණු කටයුතු ද එම ආයතනයෙන් ම සිදු කෙරේ.
උසස් පෙළට ද මෙම විෂය හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ද ලැබී ඇත. සාමාන්‍ය පෙළ විෂය මාලාව සඳහා කොරියානු භාෂාව හඳුන්වා දුන්නේ 2015 වසරේ දී ය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්