ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදය වූ පුද්ගලයන් පිරිසක් වාර්තාවීමත් සමග ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් අගනුවර වන සිඩ්නි නගරයේ ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම සීමා ක්‍රියාත්මක වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් පවසන්නේ ජුලි 02 වැනිදා දක්වා සීමා ක්‍රියාත්මක වන බවයි.
වසා දමා තිබෙන කලාපවල ජනතාවට අත්‍යවශ්‍ය කරුණකට හැර නිවාසවලින් පිටවීමට අවසර නොලැබෙන බවයි බළධාරීන් නිවේදනය කර තිබෙන්නේ.
සිඩ්නි නිගරයේ උපන්දින සාදයකට සහභාගි වූ පිරිසක් අතරින් ආසාදිතයන් පිරිසක් හඳුනා ගත් අතර මේ වනවිට ආසාදිතයන් ප්‍රමාණය 65 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතරින් බහුතරයකට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි තහවුරු කරගෙන තිබෙන්නේ.
More Stories
චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත්කම අවධාරණය කරයි
ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ගෙන් සුබ පැතුම්
වෙනස්කම් කිරීමේ පියවර නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීම