ඊයේ (24) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1941ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1917 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින්නන් 24 දෙනෙකු වශයෙන් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ 2000 සීමාවෙන් පහළට පැමිණියේ සති හයක පමණ කාලයකට පසුවය.
මෙම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ප්‍රමාණය 248,050ක් දක්වා ඉහළ ගොස් තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්